Tuesday, June 26, 2012

දැන්විම් මාෆියාවට යටවු රූපවාහිනී ප්රේයක්ෂකයෝ ....

කාලෙකට පස්සෙ ලියන්න හිතුනා.පහුගිය කාලෙම ටීවී බලන එක නවත්තලා තිබුනෙ.ඒත් රටේ වෙන දේවල් දැනගන්න කියලා ප්ර්වෘත්ති බලන්න වාඩි වුනා .මොන ප්රබවෘත්තිද මුල් පුවතටත් දැන් අනුග්රාදහකයේ ඉන්නවා.අර විරාමයක් මේ විරාමයක් කිය කියා ප්රලවෘත්ති කැලි කෑලි වලට කඩලා තමයි පෙන්නුවේ.දැන්වීම් බලන්න ලයිට් බිල ගෙවන්නෙ මොකටද කියලා නාට්යු බලන එකත් නවත්තන්න හිතුනා.මම දවසක් නාට්යම විකාශය වෙන කාලය බැලුවා.නාට්යද ගියේ විනාඩි 13 විතරයි.ඉතිරි විනාඩි 17 ගියේ වෙළද දැන්වීම්.නාලිකා වල පැවැත්මට දැන්වීම් අවශ්යරයි.නමුත් මේ දැන්වීම් කලාව මහ අසමජ්ජාති විදිහට නේ කරන්නෙ.අපේ රසිකත්වයට බාධා වෙන විදිහටයි මේ කරන්නෙ.චිත්ර පටි විකාශය කරනකොට මේක උග්ර වෙනවා.විනාඩි පහෙන් පහට දැන්වීම් .චිත්රටපටිය පැය එක හමාරයි ඒ වුනාට පැය 3 දක්වා දිග දානවා.දැන්වීම් බලන්න තව පැය එක හමාරකට අපි අමතර ලයිට් බිලක් ගෙවන්න වෙනවා.ඒ මදිවට දැන්වීමෙන් පස්සෙ චිත්රාපටිය පටන් ගන්නෙ නවත්තපු තැනින් නෙවි.ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා.මේක කරන්නෙ සමහර නාලිකා විතරයි.ඉතින් දැන් වෙන්නෙ ටීවී බලන එක සීමා කරන්නද නවත්තන්නද කියලා හිතා ගන්න බැරුවයි....

Sunday, November 28, 2010

කෝ........ මේ මානව හිමිකම් සංවිධාන ?

ඹන්න දැන් අවස්ථාවක් ලැබිල තියෙනවා මානව හිමිකම් සංවිධාන වලට තමන්ගෙ අපක්ෂපාතී බව පෙන්වන්න.කොටි ත්‍රස්තයන් යුද සිරකරුවන්ට සලකපු හැටි හා ඔවුන්ව කුරිරු විදිහට ඝාතනය කරපු හැටි ඒ සිද්දි දාමයට සම්බන්ධ වු ත්‍රස්තයන් විසින්ම හෙලි කරලා.සිද්ද වුන තැනත් සොයා ගෙන.පහුගිය දවස්වල මේ සිද්දිය පුවත් පත් ගනනාවකම පල කරලා තිබුනා.
මානව හිමිකම් ගැන මහ ඉහලින් කතා කරන සංවිධානයක කිසිම සද්දයක් නැහැනේ මේ ගැන.සුදු කොඩි කතාවක් අල්ලගෙන දගලන මේ සංවිධාන මේ සිද්දියෙදි නිහඩ ඇයි.මානව මිහිකම් වලංගු කොටි ත්‍රස්තයන්ට විතරද ?.අපේ හමුදා විරුවන් අමානුෂික ලෙස හිරකරලා අන්තිමේ මරල දැමීම මානව හිමිකම් උල්ලංඝනය වීමක්නොවන්නෙ කෙසේද ?මේ සංවිධාන වල සේවය කරන්නෙත් මේ රටේ පුරවැසියන්ම නේද ?ඇයි ඔවුන් මේ ගැන නිහඩ ?.ඔවුන්ට ඩොල්ර් කුට්ටි ලැබෙන්නේ ත්‍රස්තයන් වෙනුවෙන් පෙනී සිටියහොත් පමනද ?.ඇයි මුදලට තමන්ගෙම මවුබිම විකුනන්නෙ ?හිතල බලන්න ?....

Friday, November 26, 2010

බුද්ධිමත් දෙමළ ජනයාගේ අද දවසේ වගකීම !!

අපි කවුරුත් දන්නවා දැන් රටේ අදුරු යුගය අවසන් කියල.ඒ යුගයෙදී ජාති බේදයෙන් තොරව අපි කවුරුත් දුක් වින්දා විවිධ වු ආකාර වලින්.දෙමළ ජනතාව තේරුම් ගත යුතු සත්‍ය තමා මේ රට දෙකඩ කැඩීම නිශ්ඵල ක්‍රියාවක් කියල.ඒ අසාර්ථක උත්සාහය වෙනුවෙන් මේ රට ඕනවටත් වඩා වන්දි ගෙවල තියෙනවා.
නමුත් විදේශ රටවල ඉතිරි වී ඉන්න සමහරක් දෙමල අය එම රටවල ඉදගෙනම ලංකාව යලිත් අස්ථාවර කරන්න හදනවා.ඔවුන් කෙදිනකවත් ලංකාවෙ පදිංචියට එන්නෙ නැහැ.මෙයට ඉඩ නොතැබිය යුතුයි.මෙහිදි බුද්ධිමත් දෙමළ ජනතාව ඉදිරියට ආ යුතුයි.ඔවුන් නෙදියවන්ගෙ,රුද්‍රකුමාර්ගෙ, අභිලාෂයන් පරාජය කළ යුතුයි.නැවතත් රට අස්ථාවර වුවහොත් එහි අවාසිය ඇති වන්නෙ යළි ජිවිතය ගොඩනගන්න හදන දෙමළ ජනයාටමයි.නෙදියවන්ගෙ,රුද්‍රකුමාර්ගෙ දරුවන් මේ රටේ පදිංචි වෙන්නෙ නැහැ.
ඉතින් මේ තමයි අවස්ථාව බුද්ධිමත් දෙමළ ජනයාට ඔවුන්ගෙ යුතුකම් හා වගකීම් ඉෂ්ට කරන්න මේ රට වෙනුවෙන් හා ඔවුන්ගෙම දරුවන් වෙනුවෙන්.
එන්න ඉදිරියට පෙල ගැසෙන්න නෙදියවන්ගෙ,රුද්‍රකුමාර්ගෙ දුෂ්ට උත්සාහයට විරුද්ධව දැනුවත් කරන්න දෙමල ඩයස්පෝරාව ,දුරු කරන්න ඔවුන්ගෙ සිත් තුල තිබෙන මතවාද.දෙමල ඩයස්පෝරාව හරහා විශාල මුදල් කන්දරාවක් එකතු වෙනවා.එවන්න කියන්න ඒ මුදල් අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ගෙවල් හදන්න උතුරු නැගෙනහිර ඉන්න.මේ මුදල් තමයි නෙදියවන්ලාගේ ජීවිත සැපවත් කලේ.ඔවුන් බයයි ඒ සැප නැති වෙනවට.ඒකයි ප්‍රභාකරන් ඉන්නව කියල වෙබ් අඩවි වල දාන්නෙ.පහුගිය අවුරුදු 30 ක කාලයක් එවු මුදල් වලින් අවි ආයුධ ගන්නෙ නැතුව සෑම දෙමල පවුලකටම ගෙයක් හදල දුන්න නම් අද උතුරු නැගෙනහිර කොච්චර ලස්සනට තියෙයිද ???.නමුත් සිද්ද වුනේ දහස් ගනනක් වු දෙමල තරුණයන්ට තම ජීවිත අහිමි වෙච්ච එක විතරයි.
මේක තමයි ඇත්ත.ඉතින් දෙමල ඩයස්පෝරාව හා ලංකාවේ වෙසෙන උගත් බුද්ධිමත් දෙමළ ජනතාවගෙ වගකීම ඉටු කළ යුතු කාලය ඇවිල්ල.මේ අවස්ථාවත් පැහැර ඇරියොත් ඒ වැරැද්ද ආයිමත් කවදාවත් හරිගස්සන්න බැරි වේවි.

Thursday, September 30, 2010

හෝටල් වැටලීම හෙවත් මහජන ෙසෟඛ්‍ය පරීක්ෂ කවරුන්ට රස්සාව මතක් වීම

හෝටල් වටලන හැටි දැක්කම මට හිතුනේ අපි අවුරුදු කීයක් වස කෑවද කියල.ඇත්තටම මේ සියළු ආපනශාලා අපිට දුන්නේ අපිරිසිදු ආහාර තමයි.අවාසනාවකට මහජන සොඛ්යි පරීක්ෂටකවරුන් මේ පිලිබද අවධානය යොමු කරේ නැහැ.අද අපිට පිරිසිදුවට ඉදුනු පලතුරක් කන්න නැහැ.පමාවෙලා හරි මහජන සොඛ්යා පරීක්ෂැකවරුන්ට රස්සාව මතක් වීම ගැන ස්තුතියි.
තව එක ඉල්ලීමක් තියෙනවා.මාතර කොළඹ බස් තේ බොන්න නවත්තන අම්බලන්ගොඩ හෝටල් ටිකත් පරීක්ෂා් කරන්න.එවයේ තියෙන තත්වය මම ඇහින් දැක්කා .බල්ලෙකුටවත් මේ හොටල් සුදුසු නැහැ.

Wednesday, August 18, 2010

රම්මල කන්දේ සොබා සිරි

රම්මල කන්ද යනු හම්බන්තොට දිස්ත්රිමක්කයේ බටහිර මායිමේ මාතර දිස්ත්රි්ක්කයට යාබදව පිහිටි මනරම් කදු වැටියකි.වලස්මුල්ල හරහා කිරම වරාපිටිය ඌරුබොක්ක මාර්ගය වැටී ඇත්තේ මෙම කදු මුදුනත මතින්ය.මුහුදු මට්ටමේ සිට අඩි 2700 උසින් මෙය පිහිටා ඇත.මෙම මාර්ගයේ ගමන් කිරිමේදී හමායන සීතල සුළගත්,තේ වගාවෙන් පිරි රමණිය කදු පන්තියත්,කදු මුදුනට දිස්වන දර්ශනයත් අපට සිහි ගන්වන්නේ නුවරඑළියේ ගමන් කරනවා යන හැගීමකි.එමෙන්ම මෙම මාර්ගයේ වරාපිටිය නගරයේ සිට කදු මුදුනට ලගා වීමේදී දිය ඇලි හතක් පමණ නැරඹීමේ අවස්ථාවද උදා වේ.
කිරම ඔයට උත්පත්තිය ලබා දෙන රම්මල කදු පන්තිය තුරුලතා වලින් ඉතාමත් සශ්රීඔක වන අතර හම්බන්තොට දිස්ත්රිික්කයට ආභරණයක් වැනිය.විශේෂයෙන්ම රම්මල කදු පාමුල පිහිටි වරාපිටිය නගරයේ ඉදිරිපසින් පිහිටා ඇති වරාපිටිය වැව ඉතාමත් දර්ශනීය සිත්තමක් මවයි.පාරු සේවයක්ද ක්රිටයාත්මක මෙම වැව සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයකි.
වලස්මුල්ල සිට ඌරුබොක්ක දක්වා මෙම මාර්ගය සංචාරක කළාපයක් ලෙස වුවද සංවර්ධනය කළ හැකි බව මගේ හැගීමයි.









Wednesday, May 12, 2010

විරුවනි නුඔලා අනුස්මරනය කළ යුතුමය!

ලොව භයානකම ත්‍රස්ත කණ්ඩායම විනාශ කරල අවුරුද්දකටත් ආසන්න වෙලා.අදටත් හීනයක් වගේ මට හිතෙනව.මොකද ප්‍රභාකරන් පුම්බල තිබුන විදිහට මෙහෙම අවසානයක් ලැබුනද කියලත් පුදුම හිතෙනව.NGO කාරයොයි, බටහිර ගැති අමනයොයි ,සමහර බටහිර රටවලුයි ප්‍රභාකරන්ව පුම්බලා තිබ්බට අපේ කොල්ලන්ට හරි නායකත්වයක් (සෑම අතින්ම) ලැබුන නිසා රටක් විදිහට අපට අද සැනසුම් සුසුම් හෙලන්න අවස්ථාව ලැබිලා තියෙනව.ඇෆ්ගනිස්ථානයේ,පකිස්ථානයේ,ඉන්දියාවෙ ඉරාකයේ තවමත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ප්‍රවෘත්ති වලින් දැක්කම මට හිතෙන්නෙ අපි කෙතරම් වාසනාවන්තද කියලා.ඉතින් ඒ වාසනාවන්තකම අපට උරුම කර දෙන්න අපේම සහෝදරයෝ දහස් ගනනක් තම ජීවිත පුද කල බව අපි මේ අවස්ථාවෙ මතක් කළ යුතු බව මගේ හැගීමයි.මේ කැප කිරීම අවතක්සේරු කළ නිසා එජාපයට මොකද වුනේ කියල අපි දන්නවා.ඇත්තටම යුද්ධය කියන්නේ දේශපාලනයෙන් තොරව අප සියළු දෙනාටම බලපාපු ප්‍රශ්නයක්.ඉතින් රට වෙනුවෙන් දිවි දුන් සියළු රණවිරුවන් අනුස්මරණය කිරීම ත් අද දවසෙ අපගේ යුතුකමක් නේද ?.
ඉතින් අප ගත්ත මේ පුංචි උත්සාහයට ඔබලාටත් දායක වෙන්න පුළුවන්.ඔබ දන්න විරුවන් ගැන අපට ලියන්න.

http://warheroeslk.wordpress.com/


Email-warheroeslk@gmail.com

Saturday, May 1, 2010

බුදු සරනයි ! බෝඩ් ලෑල්ලෙන් මිනී මරන ප්‍රයිවෙට් බස් කලාව

ලගදි දවසක මම කොළඔ ඉදල මාතර එන පුද්ගලික බස් රථයකට මොරටුවෙන් ගොඩ වුනා.මගේ උත්සාහය වුනේ අසුනක් ලබා ගන්න මාතරටම මම යන නිසා.බස් රථය වේගයෙන් ඇවිල්ල මම අසල නතර වුනා.කොන්දොස්තර ඉදිරි පාපුවරුවේ හිටියට මට ඔහු පෙනුනේ හරියට බස් රථයට සමාන්තරව පාවෙලා ආවා වගේ.කොහොමත් කොන්දොස්තරල තමයි බස් රථයට අවශ්‍ය ඉඩහසර ලබා දෙන්නේ ඉදිරි පාපුවරුවේ ඉදගෙන.මම අසුනක් ගැන ඇහැව්වම බස් රථයේ අසුන් රාශියක් තිබෙන විදියක් තමයි ඔහු පෙන්නුවෙ. ගොඩ වුනාට පස්සේ අසුන් සියල්ල පිරි තිබු නිසා මම නැවතත් අසුවා කෝ අසුන් කියලා.සුපුරුදු පරිදි සිංහල ජාතියේ ගති ලක්‍ෂ විදහා පාමින් ඔහු මට කඩා පැන්න.

මම හිටගෙනම යන්න තීරනය කලා.හිට ගත්තේරියදුරු ආසන්නයේම තමයි.රියදුරු අසුන ඉදිරියෙන්ම තොරනක් ආකාරයෙන් නිවි නිවී දැල්වෙන වෛර්න බල්බ් වලින් අලංකාර කරපු පින්තූරයක් තිබුන.එකේ සියළුම දෙවිවරු හිටිය මට හිතෙන්නෙ. රියදුරු අසුන පිටුපස තිබෙන ආවරනේ -බුදු සරනයි- කියල ගහපු ලොකු පුවරුවක් ඒකත් නිවි නිවී දැල්වෙන වෛර්න බල්බ් වලින් අලංකාර කරල තිබුනේ.තව බොහෝ ආගම දහමට ලැදි වාක්‍ය රාශියක් බස් රථයේ ඇතුලත් පි‍ටතත් අලවලා තිබුනේ.බැලූ බැල්මට ඉතාමත් සද්ගුණවත් දෙපලක් රියදුරු හා කොන්දොස්තර ලෙස ඉන්න බවක් තමයි පේන්න තිබුනේ.නමුත් පානදුර හරියට ලංවෙනකොට මගේ සිතුවිල්ල වැරදි බව තේරුම් ගියා. කොන්දොස්තර තැන ඉතා රළු පරළු ලෙස මගීන්ට බැන වදින්නත් සැමන් පැක් කරන්නාක් මෙන් මගීන් පටවන්නත් පටන් ගත්තා.ඊට නොදෙවෙනිව රියදුරු ත් පාර තමන්ට පමනක් බදු දුන් ආකාරයක් පෙන්වමින් හා ගමනාන්තයට ලගා වීම ට මගීන්ට අවශ්‍යතාවක් නැති බවක් සිතමින් මග දිගට කොටන්නටත් පටන් ගත්තා.මේ මිනිස්සු ආගමත් විකුනන් කන ගමන් සිංහල ජාතියත් අවමානයට ලක් කරනවා.මේ වගේ බෝඩ් ලෑලි දාගෙන මේ ප්‍රයිවෙට් බස්කාරයේ මේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙක් මරල ඇද්ද ?.
ඇයි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි මගීන් කියන්නෙත් මිනිස්සු කියලා.මුදල් වලට තියෙන ගිජු කමට තමන්ගෙම ජාතියේ මිනිස්සු මේ තරම් අපහසුතා වලට ලක් කරන්නත් ,තලා පෙලා දමන්න තරම් මොවුන් මෘග වුනේ ඇයි.උදේ සවස සෑම නාලිකාවකම බණ කියන රටේ මිනිස්සු මෙතරම් අමන වුනාම මේ කියන බණ වලින් වැඩක් වෙලාද කියල මහා සංඝරත්නයටත් හිතන්න වෙයි.
Related Posts Plugin for WordPress, Blogger...