ලොව භයානකම ත්‍රස්ත කණ්ඩායම විනාශ කරල අවුරුද්දකටත් ආසන්න වෙලා.අදටත් හීනයක් වගේ මට හිතෙනව.මොකද ප්‍රභාකරන් පුම්බල තිබුන විදිහට මෙහෙම අවසානයක් ලැබුනද කියලත් පුදුම හිතෙනව.NGO කාරයොයි, බටහිර ගැති අමනයොයි ,සමහර බටහිර රටවලුයි ප්‍රභාකරන්ව පුම්බලා තිබ්බට අපේ කොල්ලන්ට හරි නායකත්වයක් (සෑම අතින්ම) ලැබුන නිසා රටක් විදිහට අපට අද සැනසුම් සුසුම් හෙලන්න අවස්ථාව ලැබිලා තියෙනව.ඇෆ්ගනිස්ථානයේ,පකිස්ථානයේ,ඉන්දියාවෙ ඉරාකයේ තවමත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ප්‍රවෘත්ති වලින් දැක්කම මට හිතෙන්නෙ අපි කෙතරම් වාසනාවන්තද කියලා.ඉතින් ඒ වාසනාවන්තකම අපට උරුම කර දෙන්න අපේම සහෝදරයෝ දහස් ගනනක් තම ජීවිත පුද කල බව අපි මේ අවස්ථාවෙ මතක් කළ යුතු බව මගේ හැගීමයි.මේ කැප කිරීම අවතක්සේරු කළ නිසා එජාපයට මොකද වුනේ කියල අපි දන්නවා.ඇත්තටම යුද්ධය කියන්නේ දේශපාලනයෙන් තොරව අප සියළු දෙනාටම බලපාපු ප්‍රශ්නයක්.ඉතින් රට වෙනුවෙන් දිවි දුන් සියළු රණවිරුවන් අනුස්මරණය කිරීම ත් අද දවසෙ අපගේ යුතුකමක් නේද ?.
ඉතින් අප ගත්ත මේ පුංචි උත්සාහයට ඔබලාටත් දායක වෙන්න පුළුවන්.ඔබ දන්න විරුවන් ගැන අපට ලියන්න.
http://warheroeslk.wordpress.com/
Email-warheroeslk@gmail.com
1 comment:
Post a Comment