Saturday, May 1, 2010

බුදු සරනයි ! බෝඩ් ලෑල්ලෙන් මිනී මරන ප්‍රයිවෙට් බස් කලාව

ලගදි දවසක මම කොළඔ ඉදල මාතර එන පුද්ගලික බස් රථයකට මොරටුවෙන් ගොඩ වුනා.මගේ උත්සාහය වුනේ අසුනක් ලබා ගන්න මාතරටම මම යන නිසා.බස් රථය වේගයෙන් ඇවිල්ල මම අසල නතර වුනා.කොන්දොස්තර ඉදිරි පාපුවරුවේ හිටියට මට ඔහු පෙනුනේ හරියට බස් රථයට සමාන්තරව පාවෙලා ආවා වගේ.කොහොමත් කොන්දොස්තරල තමයි බස් රථයට අවශ්‍ය ඉඩහසර ලබා දෙන්නේ ඉදිරි පාපුවරුවේ ඉදගෙන.මම අසුනක් ගැන ඇහැව්වම බස් රථයේ අසුන් රාශියක් තිබෙන විදියක් තමයි ඔහු පෙන්නුවෙ. ගොඩ වුනාට පස්සේ අසුන් සියල්ල පිරි තිබු නිසා මම නැවතත් අසුවා කෝ අසුන් කියලා.සුපුරුදු පරිදි සිංහල ජාතියේ ගති ලක්‍ෂ විදහා පාමින් ඔහු මට කඩා පැන්න.

මම හිටගෙනම යන්න තීරනය කලා.හිට ගත්තේරියදුරු ආසන්නයේම තමයි.රියදුරු අසුන ඉදිරියෙන්ම තොරනක් ආකාරයෙන් නිවි නිවී දැල්වෙන වෛර්න බල්බ් වලින් අලංකාර කරපු පින්තූරයක් තිබුන.එකේ සියළුම දෙවිවරු හිටිය මට හිතෙන්නෙ. රියදුරු අසුන පිටුපස තිබෙන ආවරනේ -බුදු සරනයි- කියල ගහපු ලොකු පුවරුවක් ඒකත් නිවි නිවී දැල්වෙන වෛර්න බල්බ් වලින් අලංකාර කරල තිබුනේ.තව බොහෝ ආගම දහමට ලැදි වාක්‍ය රාශියක් බස් රථයේ ඇතුලත් පි‍ටතත් අලවලා තිබුනේ.බැලූ බැල්මට ඉතාමත් සද්ගුණවත් දෙපලක් රියදුරු හා කොන්දොස්තර ලෙස ඉන්න බවක් තමයි පේන්න තිබුනේ.නමුත් පානදුර හරියට ලංවෙනකොට මගේ සිතුවිල්ල වැරදි බව තේරුම් ගියා. කොන්දොස්තර තැන ඉතා රළු පරළු ලෙස මගීන්ට බැන වදින්නත් සැමන් පැක් කරන්නාක් මෙන් මගීන් පටවන්නත් පටන් ගත්තා.ඊට නොදෙවෙනිව රියදුරු ත් පාර තමන්ට පමනක් බදු දුන් ආකාරයක් පෙන්වමින් හා ගමනාන්තයට ලගා වීම ට මගීන්ට අවශ්‍යතාවක් නැති බවක් සිතමින් මග දිගට කොටන්නටත් පටන් ගත්තා.මේ මිනිස්සු ආගමත් විකුනන් කන ගමන් සිංහල ජාතියත් අවමානයට ලක් කරනවා.මේ වගේ බෝඩ් ලෑලි දාගෙන මේ ප්‍රයිවෙට් බස්කාරයේ මේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙක් මරල ඇද්ද ?.
ඇයි මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි මගීන් කියන්නෙත් මිනිස්සු කියලා.මුදල් වලට තියෙන ගිජු කමට තමන්ගෙම ජාතියේ මිනිස්සු මේ තරම් අපහසුතා වලට ලක් කරන්නත් ,තලා පෙලා දමන්න තරම් මොවුන් මෘග වුනේ ඇයි.උදේ සවස සෑම නාලිකාවකම බණ කියන රටේ මිනිස්සු මෙතරම් අමන වුනාම මේ කියන බණ වලින් වැඩක් වෙලාද කියල මහා සංඝරත්නයටත් හිතන්න වෙයි.

3 comments:

nadeesthoughts said...

සීට් තියනවා කියලනෙ නග්ගගත්තෙ. ඉතින් ඇත්ත තමා කොන්දා කියල තියෙන්නෙ. ඒ සීට් වල කට්ටිය වාඩි වෙලා ඉන්නවා කියලා පොර කිව්වෙත් නෑ...ඔයා ඇහුවෙත් නෑ නේද?

ප්‍රයිවට් බස් ගැන කියලා වැඩක් නැත....

嘉容嘉容 said...

你可以從外表的美來評論一朵花或一隻蝴蝶,但你不能這樣來評論一個人........................................

雯俊 said...

All good things come to an end. ....................................................

Related Posts Plugin for WordPress, Blogger...