
ගොඩ කාලෙකට පස්සෙ ලියන්න හිතුනා.හිතට සතුටක් දැනුනු දෙයක් කරා.මේ දවස් වල මහපොල ප්‍රදර්ශනය තියෙන්නේ බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේ.අපිටත් ආරාධනාවක් ලැබුණා ප්‍රදර්ශන කුටියක් කරන්න.ඉතින් අපේ පාසලේ තියෙන ලැප්ටොප් ටිකත් අරන් ගියා.තව ඊ-මේල් තියෙන අයට බ්ලොග් එකක් විනාඩි 15 හදල දෙන වැඩසටහනකුත් පටන් ගත්ත.අනාගත ඩිජිටල් පන්ති කාමරයක ආදර්ශයකුත් හදල ඒක ප්‍රායෝගිකව අත්විඳින්නත් එන හැමෝටම අවස්ථාව දුන්න.අපිත් නොහිතපු විදිහට වැඩේ නැගල ගියා.ඇත්තටම පොඩි ලමයි ඇවිල්ල පරිගණකය හසුරුවන විදිහ දැකලා පුදුම සතුටක් වින්දා .ගොඩක් අය බ්ලොග් හදාගෙන ගියා.නිහිළුව මහ විද්‍යාලය කියන්නේ පොඩි පාසලක් ඒත් මහපොල ප්‍රදර්ශනයේ පාසලක් විසින් කරපු එකම කුටිය තිබුනේ අප පාසලේ නමින්. අපේ සිසුන් තොරතුරු තාක්ෂනයෙන් බොහෝ ඉදිරියෙන් ඉන්න බව මට තේරුනා.මගේ කැපවීම අපතේ නොගිය බව ඒකාන්තයි.
No comments:
Post a Comment