පලමු පඩිය
ඇත්තටම මටත් පුදුම හිතෙනව තොරතුරු තාක්‍ෂනයෙන් මම ලබපු දියුණුව දැක්කම.මම ගුරු ජිවිතය ආරම්භ කලේ ක්‍රීඩා ගුරුවරයෙක් ලෙසට.ඒ වෙනකොට මම පාසල් කාලයේදීවත් පරිගණකයක් දැකල තිබුනේ නැහැ.දෑඅවුරුදු ගුරු පුහුනුවෙන් පස්සේ මට ලැබුනෙ තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් බෙලිඅත්ත නිහිළුව මහා විද්‍යාලය.ඒ 2000 වසරේ මාර්තු පලවෙනිදා.2003 වසරේදි පාසලට පරිගනකයක් ලැබුනා.එය පුස්තකාලයේ පරිහරනයට දීපු එකක් වුනත් තිබුනේ ගුරු විවේකාගාරයේ.මුල් දවස් වල මේක රෙද්දකින් වහල තිබුනත.මට හිතුන මේක පාවිච්චි කරන්න ඒත් ඔන් කරගන්න බැරි වුනා.පස්සෙ පුස්තකාලෙ තිබුන පොතකට පින්සිද්ද වෙන්න එක කරගත්තා.සීඩි එකක් දාලා සින්දුවක් අහන්න ආස හිතුන ඒත් සීඩී එක වාදනය කරගන්න හුග දවසක් ගියා.කොහොම හරි පොත් කියවල ටික දවසක් යනකොට ලියුමක් දෙකක් විදහල්පතිට අවශ්‍ය විදිහට ටයිප් කරල දෙන්න පුලුවන් වුනා.පාසලේ ඉන්නේ දුප්පත් ලමයි හින්ද විදුහල්පතිතුමා මගෙන් ඇහැව්වා ලාබෙට වාර්තා පොතක් හදල සිසුන්ට දෙමු කියලා.රජ කාලේ රෝනියෝ යන්ත්‍රයත් පරිගනකයත් ලංකරගෙන මම වැඩේ පටන් ගත්ත.මේකට පාසලේ හිටිය ජයසේකර මහත්තයත් උදව් කරා.ඒ වෙනකොටත් පරිගනක පාඨමාලාවක් හදාරල නැති මම ටයිප් සෙටින්,පේජ් සෙටප්,ප්‍රින්ටින් ,මාර්ජින්,සකස් කරල පොත හදල රුපියල් 5 සිසුන්ට දුන්නා.ඒ තමයි හාපුරා කියල පරිගනකයෙන් දැනෙන්න මම කරපු පලමු වැඩේ.
2004 මුල් භාගයේ දි අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය හරහා පාසල් වලට පරිගණක විද්‍යාගාර ලබා දීමේ වැඩසටහනක් පටන් ගත්ත.ඒ යටතේ පාසල් වල ගුරුවරුන්ට දින 18 පරිගණක පුහුණුවක් ලබා දුන්න.අපේ පාසලෙන් ප්‍රථමයෙන් ගියේ මම.ඒ පුහුණුවෙන් තමයි මට අවබෝධ වුනේ පරිගණකයෙන් කරන්න පුලුවන් විශ්ම කර්ම වැඩ ගැන.ඒ පුහුණුවෙන් තමයි අපි වගේ ගුරුවරුන්ට තොරතුරු තාක්‍ෂණයේ දොරටු හැර ගන්න ඉඩ ලැබුනේ.අන්තර්ජාලය ප්‍රථම වරට භාවිතා කලේ ඒ පුහුනුවෙදි තමයි.එදා හදපු මගේ ඊ-මේල් එක තාමත් භාවිතා කරනව.ඊටත් පස්සේ පරිගණක විද්‍යාගාරයේ උපාංග ලැබෙනකන් මට ඉවසිල්ලක් නැති වුනා.කොටින්ම පුදුම උනක් තිබුනේ.2004 නොවැම්බර් 24 ලොකු ලොරියක් පාසල ට ආවා.එදා ආවේ පරිගනක විතරයි.ආපු සමාගම කිව්ව මේස නැති නිසා පරිගනක පෙට්ටි වලම තියන්න කියල.නමුත් මට අව්‍යශ වුනේ ඊලග දවසෙම පරිගනක වැඩ කරවන්න.මම ඉක්මනට පාසලේ විද්‍යාගාරයේ මිස්ට කතා කරල විද්‍යාගාරයේ මේස 10 පරිගනක කාමරයට දාලා පරිගනක ටික සෙට් කරල ඕන් කර ගත්ත..
ඉතිරිය පසුවට.................
No comments:
Post a Comment