Friday, August 7, 2009

සෙබළාණෙනී ඔබ මැරුනා නොවේ…

පුරා දශක තුනකට ආසන්න කාලයක් අප මව්බිම රුදුරු භීෂනයක ගිල්වා දැමු ත්‍රස්තවාදය අවසන් කළ උදාර විරුවනි අප සදාකල් නුඔලාගේ මෙහෙවර අගයන්නෙමු.වසර තුනකට ආසන්න කාලයක් දිවි පුදමින් ,තම අත් පා දන්දෙමින් ,ළබැදියන්ගෙන් දුරස්ව නුඔලා කළ මෙහෙවර අප කෙසේ නම් අමතක කරමුද ?.එසේ අමතක කල හැක්කේ අප සදාදරණිය මව් බිමට ද්‍රෝහී වන අමනයන්ටම පමණි.විටෙක කාෂ්ඨක හිරු රැස්ය,විටෙක අනෝරා වැසිය ,තවත් විටෙක කුනාටු සුලිසුලංය ,නමුත් පුදුමයකි !, ස්වභාව ධර්මයටවත් නුඔලාගේ අභීත පියවර ආපසු හරවනු නොහැකි විය.එය අපගේත් මතු පරපුරේත් වාසනාවම විය.නිසි කලට කුසට අහරක්, පිපාසයට දිය බිදක්, වෙහෙසට විවේකයක් නොමැතිව නුඔලා කළ මෙහෙවරට මිලක් නියම කල නොහැක.
මුදලට රට පාවා දෙන ,ඩොලර් කුට්ටි වලට තම ආත්මය පාවා දෙන,ප්‍රභාකරන් විමුක්තිකාමියකු යයි ප්‍රශස්ත ගැයූ අමනයන් සිටින,තම මව් බිම විකුනන් කන, මිනිසුන් සිටින රටක නුඔලා දිවි පිදුවේ ,සදාකාලිකවම ආබාධිත වුයේ තම මව් බිම වෙනුවෙනි.එවන් උදාර මිනිසුන් බිහි වන්නේ ජාතියේ පිනටය.
දහසකුත් බාධක මැද,ජාත්‍යන්තරයේ තෙරපීම් මැද ,කරුණාව ,දයාව,මනුස්සකම යනු කුමක්දැයි ලොවටම පෙන්වමින් සහෝදර දමිළ ජනතාව ප්‍රභාකරන් නම් වු මන්ද මානසික මිනිසාගේ ග්‍රහනයෙන් බේරා ගත් ආකාරය උජාරු ජාත්‍යන්තරයට අගනා පාඩමකි.
නවීන ආයුධ සමගින් අල්ඛයිඩා ,තලේබාන් ත්‍රස්තවාදය අවසන් කිරිමට නොහැකිව ලතවෙන අපුරු ජාත්‍යන්තරයට නුඔලා පෙන්වුයේ අපගේ එඩිතර බවයි,අපගේ එකමුතු බවයි,අපගේ රණවිරුවන්ගේ විනය ගරුක බවයි.
නුඔලා ශ්‍රී ලාංකික ඉතිහාසය අළුතෙන් ලියවු බව අපට සිතේ.නුඔලාගේ රණකාමිත්වය අපගේ මතකයන් ඉතිහාසය වෙත නැවත රැගෙන ගියා යයි සිතේ.
උදාර මිනිසුනි ,රණකාමී සොහොයුරනි ඇත්තෙන්ම අප සදාකල් නුඔලාට ණයගැත්තෝ වෙමු.අප ජීවත්ව සිටියදීම ත්‍රස්තවාදයෙන් තොර රටක් දැකීමට තරම් වාසනාවන්තයන් වුයෙමු.අපගේ ඉදිරි පරපුරට නිදහසේ ජීවත් විය හැකි රටක් ඇතැයි සිතා අපට දැන් නිදහසේ දෑස් පියා ගත හැක.
අප මේ මොහොතේ අමතක නොකල යුතු තවත් අභීත රණවිරුවන් පිරිසක් වනුයේ දිගු දුර විහිදුම් බලකායේ සොහොයුරන්ය.ත්‍රස්තවාදී බල ප්‍රදේශ ආක්‍රමනය කරමින් සතුරා අන්දමන්ද වන ප්‍රහාරයන් එල්ල කළ ඔවුන් තම ජීවිතය පිළිබද සියලු ආශාවන් අත්හැර අප වෙනුවෙන් ‍ කාර්යක් ඉටු කරන ලදි.ගුවන් කොටි බලකාය පිහිටු වීමට මුල් වු ශංකර් හා,මුහුදු කොටි නායක ගංගෙයි අමරන් මරා දැම්මේ දිගුදුර බලකායේ විරුවන්ය.මිලෙනියම් සිටි මහා පාවාදීම හරහා එම විරුවන් බොහෝමයකට තම ජීවිත අහිමි විය.කර්නල් තුවාන් මුතාලිෆ්,මේජර් මීඩින් හා ඔත්තුකරුවන් ලෙස සිටී දමිළ සොහොයුරන් රාශියකටද එම පාවාදීම හරහා තම ජිවිත අහිමි විය.කපිතාන් නිලාම් වැනි විරුවන් පිලිබද අදටද තොරතුරක් නොමැති තරම්ය.නමුත් විරුවනි නුඔලා අභීත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ වෙති. එසේ වන්නේ මිලෙනියම් සිටි පාවා දීම කළ වුන් එය තමන් අතින් වු වරදක් ලෙස පිලිගන්නට තරම් හෘද සාක්ෂියක් නොමැති අමනයන් වු නිසාය.
ප්‍රභාකරන්ගේ අවසානය පිළිගන්නට නොකැමැත්තෝ සිටී නම් ඔවුන් අමනයන්ම මිස වෙනකකු නොවේ.යුධ ජයග්‍රහනය පිළිගන්නට නොහැකි ඇත්තෝ සිටී නම් ඔවුන් දේශද්‍රෝහීන්ම මිස වෙනකකු නොවේ යයි අපට සිතේ.
සමස්ත ශ්‍රි ලංකාවාසීන්ගේ යුතුකම හා වගකීම වන්නේ දිවි දුන් හා ආබාධිත වු සෙබළ සොහොයුරන් අමතක නොකීරීමයි.ඔවුන් හෙලු රුහිරු මතින් ගොඩ නැගු ඒකීය රට රැක ගැනීම අපගේ අද දවසේ වගකීම වන්නේය.
අවසාන වශයෙන් මෙවන් විරුවන් ලද රටක ජිවත් වීමට තරම් අප වාසනාවන්තයන් වුයෙමු.නුඔලා සදාකල්හිම අප සිත් තුල ජීවත් වනු ඒකාන්තය.
විරුවනි නුඔලාට අපගේ උත්තමාචාර

Wednesday, August 5, 2009

සයිබර් අවකාශයට පියගැට පෙල .......

පලමු පඩිය

ඇත්තටම මටත් පුදුම හිතෙනව තොරතුරු තාක්‍ෂනයෙන් මම ලබපු දියුණුව දැක්කම.මම ගුරු ජිවිතය ආරම්භ කලේ ක්‍රීඩා ගුරුවරයෙක් ලෙසට.ඒ වෙනකොට මම පාසල් කාලයේදීවත් පරිගණකයක් දැකල තිබුනේ නැහැ.දෑඅවුරුදු ගුරු පුහුනුවෙන් පස්සේ මට ලැබුනෙ තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් බෙලිඅත්ත නිහිළුව මහා විද්‍යාලය.ඒ 2000 වසරේ මාර්තු පලවෙනිදා.2003 වසරේදි පාසලට පරිගනකයක් ලැබුනා.එය පුස්තකාලයේ පරිහරනයට දීපු එකක් වුනත් තිබුනේ ගුරු විවේකාගාරයේ.මුල් දවස් වල මේක රෙද්දකින් වහල තිබුනත.මට හිතුන මේක පාවිච්චි කරන්න ඒත් ඔන් කරගන්න බැරි වුනා.පස්සෙ පුස්තකාලෙ තිබුන පොතකට පින්සිද්ද වෙන්න එක කරගත්තා.සීඩි එකක් දාලා සින්දුවක් අහන්න ආස හිතුන ඒත් සීඩී එක වාදනය කරගන්න හුග දවසක් ගියා.කොහොම හරි පොත් කියවල ටික දවසක් යනකොට ලියුමක් දෙකක් විදහල්පතිට අවශ්‍ය විදිහට ටයිප් කරල දෙන්න පුලුවන් වුනා.පාසලේ ඉන්නේ දුප්පත් ලමයි හින්ද විදුහල්පතිතුමා මගෙන් ඇහැව්වා ලාබෙට වාර්තා පොතක් හදල සිසුන්ට දෙමු කියලා‍.රජ කාලේ රෝනියෝ යන්ත්‍රයත් පරිගනකයත් ලංකරගෙන මම වැඩේ පටන් ගත්ත.මේකට පාසලේ හිටිය ජයසේකර මහත්තයත් උදව් කර‍ා.ඒ වෙනකොටත් පරිගනක පාඨමාලාවක් හදාරල නැති මම ටයිප් සෙටින්,පේජ් සෙටප්,ප්‍රින්ටින් ,මාර්ජින්,සකස් කරල පොත හදල රුපියල් 5 සිසුන්ට දුන්නා.ඒ තමයි හාපුරා කියල පරිගනකයෙන් දැනෙන්න මම කරපු පලමු වැඩේ.


2004 මුල් භාගයේ දි අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය හරහා පාසල් වලට පරිගණක විද්‍යාගාර ලබා දීමේ වැඩසටහනක් පටන් ගත්ත.ඒ යටතේ පාසල් වල ගුරුවරුන්ට දින 18 පරිගණක පුහුණුවක් ලබා දුන්න.අපේ පාසලෙන් ප්‍රථමයෙන් ගියේ මම.ඒ පුහුණුවෙන් තමයි මට අවබෝධ වුනේ පරිගණකයෙන් කරන්න පුලුවන් විශ්ම කර්ම වැඩ ගැන.ඒ පුහුණුවෙන් තමයි අපි වගේ ගුරුවරුන්ට තොරතුරු තාක්‍ෂණයේ දොරටු හැර ගන්න ඉඩ ලැබුනේ.අන්තර්ජාලය ප්‍රථම වරට භාවිතා කලේ ඒ පුහුනුවෙදි තමයි.එදා හදපු මගේ ඊ-මේල් එක තාමත් භාවිතා කරනව.ඊටත් පස්සේ පරිගණක විද්‍යාගාරයේ උපාංග ලැබෙනකන් මට ඉවසිල්ලක් නැති වුනා.කොටින්ම පුදුම උනක් තිබුනේ.2004 නොවැම්බර් 24 ලොකු ලොරියක් පාසල ට ආවා.එදා ආවේ පරිගනක විතරයි.ආපු සමාගම කිව්ව මේස නැති නිසා පරිගනක පෙට්ටි වලම තියන්න කියල.නමුත් මට අව්‍යශ වුනේ ඊලග දවසෙම පරිගනක වැඩ කරවන්න.මම ඉක්මනට පාසලේ විද්‍යාගාරයේ මිස්ට කතා කරල විද්‍යාගාරයේ මේස 10 පරිගනක කාමරයට දාලා පරිගනක ටික සෙට් කරල ඕන් කර ගත්ත..

ඉතිරිය පසුවට.................
Related Posts Plugin for WordPress, Blogger...