පහුගිය දවසක මට යාළුවෙක්ගෙන් My name is Khan සීඩි එක ලැබුනා.බොහෝම නිස්කලංකව මම ෆිල්ම් එක බැලුව.ඒ ෆිල්ම් එක ඇත්තටම බලන්නත් ඕනේ නිස්කලංකව තමයි.මොකද ඒ තරම් සියුම් විදිහට කරන් ජොහාර් මේ ෆිල්ම් එක තුලින් අවශ්‍ය පාර්ශව වලට පහර දුන්නා කියලයි මට හිතෙන්නේ.මේ ෆිල්ම් එක බලද්දි මට එකපාරටම මතක් වුනේ පහුගිය කාලේ ෂාරුක් ඛාන්ට ඇමරිකාවෙදි මුහුන පාන්න වුන ඇබැද්දියයි.ඔහු ඇමරිකාවට ඇතුල් වෙද්දි ගුවන්තොටුපලේදි ඔහුව ඇමරිකන් ආරක්‍ෂක අංශ පැය කිහිපයක් ප්‍රශ්න කිරිමට නවත්තගෙන තිබෙනවා.අවසානයේ හේතුව ලෙස දක්වා තිබුනේ ඔහුගෙ නමේ අගට ඛාන් යන කොටස තිබු නිසා ඔහු ත්‍රස්තවාදියකු ලෙස සැක කළ නිසා බවයි.
ඉතින් මට හිතෙන්නෙ මෙම නිෂ්පාදකයා ඉතාමත් අලංකාර විදිහට මේ සුළු සිද්දිය පැය දෙකක පමන දිග කථාවකට වස්තු බීජයක් කරගෙන නමේ අගට ඛාන් තිබු පලියට එවැනි පුද්ගලයන් ත්‍රස්තවාදීන් නොවන බවට ඇමරිකාවට අවධාරනය කල බවයි.එමෙන්ම නිෂ්පාදකයා ඉතාමත් සියුම්ව මෙම චිත්‍රපටය හරහා ඇමරිකන් සමාජය විවෙචනය කරන බවකුත් මට හිෙතනව.විශේෂයෙන්ම ලෝකයා දන්නවා කැත්‍රිනා සුලි කුණාටුවට පස්සේ ඔවුන්ට බැරි වුනා නියමාකාරයෙන් සහන සේවා ලබා දෙන්න විපතට පත් අයට.විපතට පත්වුවන් වැඩි හරියක් කළු ජාතිකයන් වීම නිසා සුදු ජාතිකයන් වැඩි උනන්දුවක් දැක්වුයේ නැහැ සහන සේවා සලසන්න.මලමීනී සති ගනන් වතුරේ පා වුන බවත් වෛද්‍යාධාර නොලැබී බොහෝ අය මිය ගිය බවත් එකල වාර්තා වුනා.ඉතින් මේ චිත්‍රපටය තුලත් එවන් කුණාටුවක් ඇති වෙනව.රිස්වාන් ඛාන් (ෂාරුක් ඛාන්)මේක දකින්නේ රුපවාහිනිය හරහා.ඔහුට මතක් වෙන්නේ ඔහුට උදව් කල කළු ජාතික මව හා පුතා.රිස්වාන් ඛාන් ඔවුන් හොයාගෙන යනවා උදව් කරන්න තමන්ගෙ අරමුන අමතක කරල.ඉතින් මේ සංසිද්ධිය තුලින් නිෂ්පාදකයා පෙන්නුම් කරනවා ඉන්දීය ජාතිය දුකේදී උදව් කරන සංවේදී ජාතියක් බව.සියුම්ව උපහාසයට ලක්කරනවා ඇමරිකන් ජාතිය ඒ හරහා.
රිස්වාන් ඛාන්ට අවස්ථා කීපයක් මග හැරෙනව ඇමරිකන් ජනාධිපති හමුවීම.අවසානයේ කළු ජාතිකයෙක් ජනාධීපති වුනාට පස්සේ ඔහුට අවස්ථාව ලැබෙනව.එයත් සුදු ජාතිකත්වයට එල්ල කල පහරක් විය හැකි බවයි මගේ මතය.
මේ වගේ උසස් ගණයේ චිත්‍රපට ඉන්දියාවේ නිපදවුනා.මම හිතන්නේ මෙවනි සිනමාපට එම නිෂ්පාදකයන් රට වෙනුවෙන් නිර්මානය කරන ඒවා ලෙසයි.බෝඩර් සිනමා පටයත් හොද එකක්.එහි ත්‍රස්තවාදය සියුම්ව අධ්‍යයනය කල එකක්.
ඇත්තටම අපේ රටෙත් හොද වස්තු බීජයක් තමයි ප්‍රභාකරන්ගෙ ත්‍රස්තවාදය.නමුත් අපේ කිසිම නිෂ්පාදකයෙක් ප්‍රභාකරන්ගෙ කෲරත්වය සිනමාවට නැගුවෙ නැති තරම්.මොන නිෂ්පාදකයද බස් බෝම්බෙකට බිලි වුන පවුලක දුක්ඛිත තත්වය සිනමාවට ගෙනාවෙ , කිසිම නිෂ්පාදකයෙක් මායිම් ගම්මාන වලට ප්‍රභාකරන් මුදා හැරපු කෲරත්වය ගැනවත්, සිංහල ජාතිය ඉලක්ක කොට මුදා හැරිය කෲරත්වය ගැනවත්,වෙහෙරවිහාර විනාශ කල ආකාරය ගැනවත්,ද්‍රවිඩ ජනතාව යකඩින් පාලනය කල අන්දම ගැනවත් සිනමා පටයක් කලේ නැහැ.අරන්තලාවේ භික්ෂු ඝාතනය ගැන සිනමා පටයක් කලා නම් ලොව පුරා ප්‍රභාකරන්ගෙ කෲරත්වයට එරෙහිව සාර්ථක මතවාදයක් ඇතිකරන්න තිබුනා.වාසනාවට අද ප්‍රභාකරන් නැහැ.
නමුත් මම දන්න තරමට අපේ නිෂ්පාදකයන් යුද්ධය ගැන සිනමා පට කරා හැබැයි හමුදාවට පහර ගසල.ඒ සිනමා පට වලට ජාත්‍යන්තර සම්මාන ලැබුනා.ගුවන් තොටුපලින් ඔවුන්ව පිලි ගත්තේ රතු පලස් දාලා.සමහරක් විට NGO සල්ලි දෙන්න ඇති මේ සිනමා පට කරන්න.ඒ සම්මාන ඔවුන්ට වටිකමක් ඇති කරාට රටට සහ අපේ වීරෝදාර හමුදාවට කලේ අවමානයක්.ඔවුන් ලැජ්ජා විය යුතුයි එවන් සිනමා පට කලාට.එක් අයෙක් ඔහු ජිවත් වෙන්නෙ එංගලන්තයේ ,සිනමා පටයක් කලා එකෙ නම ප්‍රභාකරන් .එහි මරාගෙන මැරෙන කාන්තාවකගේ චරිතයක් පිලිබද විග්‍රහයක් කලා.ඔහු ඒ නිසාම චෙන්නායි නුවරදි කොටි හිතවාදීන්ගෙ ප්‍රහාරයකට ලක්වුනා.ඔහු විතරයි එවන් සිනමා පටයක් කලේ.